අලුත් ඩොමේන් එකක්…

Filed Under (වර්ගීකරණය නොකළ ගොනු) by Chamindu ....~:$!උකා මල්ලියා!$:~.... on 15-02-2010

යාලුවනේ… ඔන්න මං මගේ බ්ලොග් එකට Blogger සයිට් එකකුත් හැදුව. ඒකත් මේ බ්ලොග් එකමයි. වෙනසකට තියෙන්නෙ ඒක හොස්ට් කරන්නෙ Blogger එකෙන්. මං එහෙම කරන්න හේතුවක් තියනව. මේ myblog.lk එක සැරින් සැරේ නැතිවෙනව, එතකොට ඔයගොල්ලන්ට මගේ බ්ලොග් එක කියවන්න බැරි වෙනව. දැන් මේ අලුත් සයිට් එක තියන හින්ද කිසි ප්‍රශ්නයක් නැහැ. පහල තියෙන්නෙ මගේ අලුත් බ්ලොග් එකේ ලින්ක් එක :

http://ukamalliya.blogspot.com/

*මං අලුත් බ්ලොග් එකක් හැදුවට මේ බ්ලොග් එකෙයි අනිත් එකෙයි වැඩ එකටමයි කරන්නෙ. ඒක හින්දා ඔයාලට කැමති බ්ලොග් එකකට කොමෙන්ට් කරන්ඩ පුළුවන්.

පුංචි කොල්ලන්ගේ ආදර කතා…. (චැප්ටර් 2)

Filed Under (වර්ගීකරණය නොකළ ගොනු) by Chamindu ....~:$!උකා මල්ලියා!$:~.... on 03-02-2010

ඕන්න හා හා පුරා කියල දෙවෙනි චැප්ටර් එකත් ඔයගොල්ලන්ට ගෙනාවා. මේකත් කලින් එක වගේම ඔයගොල්ලො රස විඳීවි කියල බලාපොරොත්තු වෙනව…

මේක සිද්ධ උනේ අපි O/L පංතියෙ ඉන්නකොට. අපේ school van එකේ ගියා සම්පත් කියල කොල්ලෙක්. ඌත් අපේ පංතියෙම පොරක්. හැබැයි අර කලින් එකේ හිටපු ඉසුරුව වගේ නෙවෙයි සම්පත්, ඌ හරිම නිවිච්ච හැදිච්ච කොල්ලෙක්. ඒත් මනමාල කමනම් චුට්ටක් විතර තිබුන. ඕන්න එක දවසක් වෑන් එකට අලුත් ගැහැනු ලමයෙක් ආවා. එයාගෙ නම සෙව්වන්දි. එයා අපිට වඩා අවුරුද්දක් බාලයි. එයා ලස්සන ගෑනු ළමයෙක්. එයත් හොඳට හැදිච්ච කෙනෙක්. ඔන්න ඉතින් ඔහොම දවස් දෙකක් විතර ගියා. ඒත් මට තේරුනා අපේ සම්පත් අර ගෑනු ළමය දිහා සැරින් සැරේ බලනව කියල. දවසක් සම්පත් වෑන් එකේ යනකොට මට හෙමීට කිව්ව “මචං, මට සෙව්වන්දිට කතා කරන්න ඕනෙ” කියල. මං ඒක අහපු ගමන් එතනම් කලන්තෙ (කලන්තෙ කිව්වට කලන්තෙමත් නෙවෙයි). ඒ මොකද, සම්පත් වගේ කොල්ලෙක් එහෙම කතාවක් කිව්වහම පුදුම හිතෙනවනෙ. ඔන්න ඉතින් මාත් මගේ යාළුවට සෙව්වන්දිත් එක්ක කතා කරන්න සෙට් කරල දුන්න. මුලින්ම සෙව්වන්දි කැමති උනේ නැහැ. පස්සෙ කතා කරන්න කැමති උනා. ඔන්න දැන් එදා දෙන්නම පිටිපස්සෙ සීට් එකේ. මාත් පැත්තකින් ඉන්නව (ඒ පැත්ත බැලුවෙ එහෙම නැහැ..). ඔන්න සම්පත් මුලින්ම ඇහුව අන්තිමට අහන්න තිබ්බ ප්‍රශ්නෙ (ඌ අහන දේ කෙලින්ම අහනව). මේක සෙව්වන්දිගෙන් ඇහුව “ඔයා මට කැමතිද කියල?” (මට ලාවට වගේ ඇහුනෙ). සෙව්වන්දි පුදුම උනා. එයා හැබැයි වැඩි අකමැත්තක් පෙන්නුවෙ නැහැ. ටික වෙලාවකට පස්සෙ මෙන්න එයත් කිව්ව “මාත් ඔයාට කැමතියි” කියල. මේක කොහොම උනාද කියන්න නම් දන්නෙ නැහැ. ඒත් අන්තිමට දෙන්න සෙට් උනා. දැන් වෑන් එක මල් වත්ත වගේ. දෙන්නනම් නියමෙට ගැලපෙනව. මං ඉතින් ඒ පැත්ත බලන්නැතුව එලිය බලන් එනව.
උදේ ඉස්කෝලෙට එද්දියි හවස ගෙදර යද්දියි දෙන්න වෑන් එකේ කතා කර කර එනව. හැබැයි ඉස්කෝලෙදි නම් මොකුත් කරන්නෙ නැහැ.

ඔන්න ඔහොම ටික කාලයක් ගියා…………………………………………………

ඔයාල හිතුවද මේකත් මාට්ටු වෙන සීන් එකක් කියල. හැබැයි මේකනම් මාට්ටු උනේ නැහැ. හැබැයි අපේ සම්පත් කොල්ල වෙන ඉස්කෝලෙකට ගියා O/L කරන්න. ඒත් ඒ දෙන්නගෙ ආදරේ එහෙම්මම තිබ්බා. මං හිතන්නෙ සෙව්වන්දි තවමත් සම්පත්ට කෝල් කරනව.

ඔන්න ඔහොම තමයි ඒ කතාව ඉවර උනේ…..
තවත් කතාවකුත් අරගෙන චැප්ටර් 3න් හමු වෙමු…
ඔබට ජයෙන් ජය…..!!

පුංචි කොල්ලන්ගේ ආදර කතා…. (චැප්ටර් 1)

Filed Under (වර්ගීකරණය නොකළ ගොනු) by Chamindu ....~:$!උකා මල්ලියා!$:~.... on 29-01-2010

ඔන්න යාලුවනේ මං ඔය ගොල්ලන්ට මුලින්ම මගේ බ්ලොග් එකෙන් ගේන්නේ අපේ ඉස්කෝලෙ පොඩි කොල්ලන්ගෙ ආදර කථා මාලාවක්…

අපේ ඉස්කෝලෙ හිටයා ඉසුරු කියල පොරක්. ඌ තනිකරම පැණියා. කෙල්ලෙක් පේන්න බැහැ. පාරෙ යද්දිත් පැණි හලනව. එදා සඳුදා දවසක්. අපේ ඉස්කෝලෙ උදේ රැස්වීමත් තිබ්බා. ළමයි ඔක්කෝම පේලි වලින් ආව ග්‍රවුන්ඩ් එකට ආවා. සාමාන්‍යයෙන් අපේ ඉස්කෝලෙ රැස්වීම සම්පූර්ණයෙන්ම කරන්න ඕනෙ එක පන්තියක් එකතු වෙලා. එදා එකතු වෙලා තිබ්බෙ හත වසර පන්තිය. ඒකෙ ඉන්නවා ලස්සන නංගි කෙනෙක්. එයාගෙ නම සචිනි. අපේ ඉසුරුව දැක්ක මේ නංගිව රැස්වීමෙදි. මූ කොච්චර පිස්සු වැටුනද කිව්වොත් මූ ගමටම ඇහෙන්න කෑ ගැහුවනෙ “මචං අර කෑල්ල පට්ට බං” කියල. කට්ටියම අපි දිහා හැරිල බලනව. ඊට පස්සෙ ඒක ශේප් උනා. ඒත් ඉසුරුව අත ඇරියෙ නැහැ. ඌ දිගටම ට්‍රයි කරා අර නංගිට. ඉසුරුව ඒ කෙල්ලට කොච්චරටම ආදරේ කරාද කිව්වොත්, ඒකා ඉන්ටවල් එකට කන්නෙත් නැතුව පංතියෙ දොර ගාවට වෙලා සචිනි නංගි යනකන් බලන් ඉන්නව.

මේක මෙහෙම ටික දවසක් ගියා. අන්තිමට ඉසුරුවට කොන්ට්‍රෝල් කරගන්න බැරි උනා. ඌ දවසක් අපිටත් හොරෙන් ගිහිල්ල සචිනි ගෙන් “ඔයා මට කැමතිද?” කියල. නංගිත් හැබැයි එක පාරටම බෑ කියල නැහැ. තව ටිකක් හිතල බලල උත්තරයක් දෙන්නම් කියල. ඉසුරුවට දැන් ඉවසිල්ලක් නැහැ උත්තරයක් දෙනකම්. ඔහොම සතියක් විතර ගියා. මෙන්න බොලේ සචිනි නංගි කිව්ව අපේ ඉසුරුවට කැමතියි කියල. අපි කාටවත් අදහගන්නත් බැහැ ඒ කථාව. මුලින් අපිත් ඌව විශ්වාස කරේ නැහැ. පස්සෙ අපිට දැනගන්න ලැබුන ඌ කිව්වෙ ඇත්ත කියල.

මේ සීන් එක දැන් අපේ මුළු පංතියම දන්නව. අපිත් ඉසුරුවට ෆුල් සප් එක දුන්නා. ඒත් ඒකා වැඩේ අනා ගත්තා. දවසක් මේකා අපේ ඉස්කෝලෙ පිටිපස්සෙ අඹ ගහක් යට සචිනිත් එක්ක කතා කර කර ඉන්නව. අපි එක පැත්තකින් බල බල හිටය කවුරුත් එනවද කියල. අනිත් පැත්තෙ මොකෙක්වත් හිටියෙ නැහැ බල බල ඉන්න. මෙන්න යකෝ අපේ පී.ටී. සර් එනව අනිත් පැත්තෙන්. සර් එනව දැක්ක ගමන් ඉසුරුවයි සචිනිවයි ඇදගෙන අපි දිව්ව දිවිල්ලක්, මීටර් 400 කැලේ. සර් හැබැයි ලාවට වගේ දැක්ක අපි දුවනව. අනිවා සර් දකින්න ඇති ඉසුරුවගෙ මූනත්. පහුවදා උදේ පාන්දර සර් ඇහුවනෙ ඉසුරුවගෙන් “එදා තමුසෙ මොනවද කරේ අඹ ගහ යට?” කියලා. ඉසුරුව කිව්ව “සර් අපි අඹ කැඩුව කියල”. තව කවුද හිටියෙ කියල අහපුවහම අපේ නමුත් කියල (මූට දෙන්න හිතුනා….). ඔන්න ඊට පස්සෙ අපි ඔක්කොම අඹ කැඩීමේ වරදට පැයක් අව්වේ දන ගස්සල තිබ්බ. ඒත් අපි සන්තෝස උනා සචිනිගෙ සීන් එක මාට්ටු උනේ නැති එකට. ඕය වගේ සීන් ගොඩක් උනා. අන්තිමේ දී ඉසුරුටයි සචිනිටයි ඇත්තටම වෙන් වෙන්න සිද්ධ උනා. ඒ මාට්ටු උන හින්ද නෙවෙයි, සචිනි රට යන හින්දා. ඒ දෙන්නගෙ අන්තිම හමු වීමත් අර අඹ ගහ යටදිම උනා. සචිනි රට ගියා. ඒත් අපේ ඉසුරුව තවම්ත් සචිනිට ගොඩක් ආදරෙයි.

ඔන්න ඔහොම තමයි ඒ කථාව ඉවර උනේ. තවත් කථාවකුත් අරගෙන නැවතත් ඔබව හමුවෙන්න බලාපොරොත්තු වෙනවා.
ඔබට ජයෙන් ජය……!!

මම අලුත්….

Filed Under (වර්ගීකරණය නොකළ ගොනු) by Chamindu ....~:$!උකා මල්ලියා!$:~.... on 07-01-2010

ඔන්න උකා මල්ලියාත් බ්ලොග් එකක් ඈරභුවා.මන්නම් මෙ බ්ලොග් අඩවියට සාදන ප්‍රතම බ්ලොග් පිටුවයි.බ්ලොග් ගෙන කොතාරම් මන් අහල තිබුනත්,මගෙ යහලුවන් සමග කතා කර තිබුනත් සින්හල බ්ලොග් අඩ්වියක් දෑක්කමයි.අදනම් ටිකක් මෙ සින්හල බ්ලොග් 1 ගෙන ඉගෙන ගත්තා. නමුත් මට මෙය සර්තක කර ගෙනීමට ටිකක් කල් යයි.

මේ අවස්ත්වෙ මට මෙම පිටුවෙ මොනව සදහන් කරන්නඩ කියල හිත ගන්න අමාරුයි.මෙ ටික සදහන් කරෙත් බොහොම අමරුවෙන්.

යිදිරියට මම ඔබ ඉල්ලන පරිදි බ්ලොග් 1ක් ඩෙන්න උත්සහ කරනවා.එහෙනම් ඔබ සියලු දෙනමටම ජයෙන් ජය…..!!

Hello world!

Filed Under (වර්ගීකරණය නොකළ ගොනු) by Chamindu ....~:$!උකා මල්ලියා!$:~.... on 07-01-2010

myblog.lk වෙත සාදරයෙන් පිළිගනිමු. මේ ඔබේ පළමු ලිපියයි. එය මකාදමන්න, නැතිනම් එය සංස්කරණය කර බ්ලොග්කරණය අරඹන්න!